අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඒමි බුෂේ පායි විසින් රචිත ලිපි

විස්මිත දේවල් කරන දෙවියන්වහන්ස

සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අඳුරු වූ අතර, කථිකයා කැපවීමේ යාච්ඤාවකට අපට මඟ පෙන්වන අවස්ථාවේදී අප අතර සිටි විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් හිස නමා ගත්තෝය. විදේශීය සේවය සඳහා කැඳවනු ලැබු බව හැඟුණු අය නැගී සිටින ලෙස කියා, ඔවුන්ට ඉදිරියට පැමිණෙන්නට ආරාධනා කළ අවස්ථාවේදී මගේ මිතුරිය ලිනෙට් ඇගේ අසුනෙන් පිටව යන බවක් මට දැනෙන්නට වූ අතර ඇය පිලිපීනයේ ජීවත් වීමට සහ සේවය කිරීමට පොරොන්දු…

වහල්කමෙන් නිදහස

“අපට වහල්කමෙන් පිටතට මග පෙන්වන ඔබ මෝසෙස් වගෙයි” කියා ජමිලා ප්‍රකාශ කළාය. පකිස්තානයේ ගඩොල් පෝරණුවක සේවිකාවක් වන ඇය එම ගඩොල් පෝරණු හිමිකරුට ගෙවන්න තිබූ අති විශාල ණය නිසා ඇයත් ඇගේ පවුලත් බොහෝ පීඩා වින්දහ. පොළිය ගෙවීමට පමණක් ඔවුන්ගේ ආදායමෙන් බොහෝ කොටසක් වැය වුනි. නුමුත් ඔවුන්ගේ ණයෙන් නිදහස් වීමට ලාභ නොලබන ආයතනයකින් ඔවුන්ට ත්‍යාගයක් ලැබුණු විට ඔවුන්ට ඉමහත් සහනයක් ලැබුණි. ඔවුන්ගේ…

ආත්මයෙන් පෙඟී

කර්තෘ මැක්නයිට් පවසන්නේ ඔහු උසස් විදුහලේ සිටින විට ඔහුට “ආත්මයෙන් පෙඟුණු” අත්දැකීමක් ලැබුණු බවයි. ඔහු කඳවුරක සිටින විට ආත්මයාණන්ට භාරවෙමින් ක්‍රිස්තුස්වහන්සේව තම ජීවිතයේ සිහාසනාරූඪ කරවන ලෙසට දේශකයා අභියෝග කරන ලදී. පසුව ඔහු ගසක් යට වාඩි වී යාච්ඤා කළේය : “පියාණෙනි, මගේ පාපවලට සමා වුව මැනව. ශුද්ධාත්මයාණෙනි මා තුළට පැමිණ මාව පිරෙව්ව මැනව”. මහත් දෙයක් සිදු වී යයි ඔහු කීවේය. “ඒ…

ඇසීමෙන් ඇදහිල්ල පැමිණේ

ඔහුගේ කටහඬට බලපෑ තුවාලයක් නිසා සභා පාලක බොබ් වසර පහළොවක විසාදියකින් සහ අර්බූදයකින් පොර බැදීය. කථා කරන්න බැරි සභා පාලක කෙනෙක් කරන්නේ කුමක්ද කියා ඔහු කල්පනා කළේය. එම ප්‍රශ්නය සමග ඔහු පොර බැදුවේය. ඔහුගේ ව්‍යාකූලතාවය සහ දුක දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැගුරුවේය. ඔහු ආවර්ජනය කළේ “මම දැන සිටියේ එක දෙයකි. ඒ දෙවියන්වහන්සේගේ වචනය පසුපස යාමයි” යනුවෙනි. ඔහු බයිබලය කියවීමට කාලය යොදන විට…

පරීක්‍ෂාවන් තුළින් ශක්තිමත්වී

මම කවර කිහිපයක් අවුස්සමින් සිටින විට “මම ඇස් පරීක්‍ෂණයක් කළෙමි” යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇස ගැටුණු අතර මතකයන් ගලා ගෙන ආවේය. ඇස්වලට දැමු බෙහෙත් වල වේදනාව දරා ගත් පසු මගේ සිව් හැවිරිදි පුත්‍රයා අහංකාරයෙන් එම ස්ටිකරය පැළඳ ගෙන සිටින ආකාරය මම මනසින් මවා ගත්තෙමි. ඇස් මාංශ පේශීන්ගේ දුර්වලතාවයක් නිසා හොඳ ඇස මත පැය කිහිපයක් වැස්මක් දමා ගෙන සිටීමට ඔහුට සිදු වූයේ…

දුක සහ ප්‍රීතිය

ඇන්ජෙලාගේ පවුලේ අය සති හතරක් තුළ වියෝවීම් තුනක් අත්විඳි අතර ඔවුන් ශෝකයෙන් පෙළුණෝය. තමන්ගේ ඥාති පුතාගේ හදිසි මරණයෙන් පසු, ඇන්ජලා සහ ඇගේ සහෝදරියන් දෙදෙනා දින තුනක් මුළුතැන්ගෙයි මේසය වටා රැස්ව සිටි අතර, පිටතට ගියේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට බදුනක් මිළදී ගැනීමට, පිටතට ගොස් කෑම ගැනීමට සහ අවමංගල්‍යයට සහභාගී වීමට පමණි. ඔහුගේ මරණය ගැන ඔවුන් හඬා වැටුණු අතර, ඔවුන්ගේ බාල සොහොයුරියගේ කුස…

උතුම් ප්‍රේමය

ශුද්ධ වූ සතියට දින කිහිපයකට පෙර, ලොව පුරා සිටින කිතුනුවන් යේසුස්වහන්සේගේ පූජාව සිහිපත් කර උන්වහන්සේගේ නැවත නැඟිටීම සමරන දිනවලදී, නිරිතදිග ප්‍රංශයේ සුපිරි වෙළඳසැලකට කඩා වැදුණු ත්‍රස්තවාදියෙකුගේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. සාකච්ඡා කිරීමෙන් පසු ත්‍රස්තවාදියා එක් ප්‍රාණ ඇපකරුවෙකු හැර අන් සියල්ලන්ම නිදහස් කළ අතර ඔහුව මිනිස් පලිහක් බවට පත් කර ගත්තේය. අන්තරාය දැනගත් පොලිස් නිලධාරි අර්න්වුඩ් බෙල්ට්‍රමේ සිතාගත නොහැකි…

ප්‍රබෝධමත් ක්ෂේම භූමියක්

ඇන්ඩෘ සහ ඔහුගේ පවුලේ අය කෙන්යාවේ සෆාරියක් සඳහා ගිය විට, එක් ස්ථානයක කුඩා විලකට විවිධ සතුන් නිතර යන ආකාරය නැරඹීමේ සතුටක් ඔවුන්ට ලැබුණි. ජිරාෆ්, විල්ඩබීස්ට් (දිගු හිසක්, රැවුලක් සහ මඤ්ඤයක් සහ පිටුපස බෑවුමක් සහිත විශාල අඳුරු අප්‍රිකානු ඇන්ටිලොප් වර්ගයක්), හිපපොටේමස් සහ ජල කුරුල්ලන් යන සියලු දෙනා මෙම ජීවනදායක ජල මූලාශ්‍රය වෙත ගමන් කළහ. ඇන්ඩෘ උන්ගේ පැමිණීම් සහ පිටවවීම් නිරීක්ෂණය කරන…

ජීවනදායක ජලය

ඇන්ඩ්‍රියාගේ නිවසේ ජීවිතය අස්ථාවර වූ අතර ඇය වයස අවුරුදු දහහතරක් වූ විට නිවසින් පිටවී, රැකියාවක් සොයාගෙන මිතුරන් සමඟ ජීවත් වූවාය. ආදරය සහ සහතිකය සඳහා ආශාවෙන් සිටි ඇය, පසුව මත්ද්‍රව්‍ය ඇයට හඳුන්වා දුන් පුද්ගලයෙකු සමඟ පදිංචියට ගියාය. ඇය ඒ වන විටත් නිතිපතා මත්පැන් පානය කරමින් සිටි අතර ඊට අමතරව එයට මත් ද්‍රව්‍යද එකතු කරන ලදී. නමුත් සම්බන්ධතාවය සහ මත් ද්‍රව්‍ය ඇගේ…

යහපත් එඬේරාණෝ

දේවගැති වොරන් තම සභාවේ සභිකයකු ඔහුගේ බිරිඳ සහ පවුල හැර ගිය බව දැනගත් විට, ඔහු හා කථා කිරීමට හැකි වන පරිදි අහම්බෙන් මෙන් එම පුද්ගලයාව හමුවීමට උදව් කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එසේම, ස්වාමින්වහන්සේ එය කළ සේක! දේවගැති වොරන් අවන්හලකට ගිය විට, ඔහු අසළ මේසයක ඔහු සොයමින් සිටි තැනැත්තාව දුටුවේය. “තවත් බඩගින්නෙන් සිටින මිනිසෙකුට ඉඩක් තිබේද?” යනුවෙන් දේවගැතිතුමා ඇසු අතර,…